“රනිල් හිටියානම් ඉලෝන් මස්ක්ට දෙන එක කෝල් එකෙන් ඇමරිකාව ගහපු බද්ද අඩු කර ගන්න තිබුණා...!” රාජිත සේනාරත්න. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ සිටියා නම්, ට්‍රම්ප් පරිපාලනය, ලංකාවේ අපනයන මත පනවා තිබෙන 44% ක තීරු බද්ද එක දුරකථන ඇමතුමකින් ඉවත් කර ගැනීමේ හැකියාව තිබුණු බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ට්‍රම්ප් පරිපාලනය මෙම බදු පැනවීම සිදු කර තිබෙන්නේ ලෝකයේ අංක එකේ ධනවතා වන ඉලෝන් මස්ක්ගේ උපදෙස් මත බව පවසන හිටපු අමාත්‍යවරයා, ඉලෝන් මස්ක් යනු රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ හොඳම මිතු-රෙක් බව ද පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් මේ රටේ ජනාධිපති නොවන බැවින්, ලංකාවට එම අවස්ථාව මග හැරී ඇති බව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි. රනිල් ජනාධිපති ධූරයේ සිටියානම්, 44% ක බද්ද 24% දක්වාවත් අඩුකර ගත හැකි බවයි රාජිත සේනාරත්න මහතාගේ අදහස. ඔහු මේ බව පවසා තිබුණේ, යූ ටියුබ් නාලිකාවක් සමග එක් වෙමිනි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|