Heading
දේශීය
2025-04-09 1:33 am • Views: 1116

වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානයට බැර කිරීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිළධාරියෙකු අත්අඩංගුවට..!

වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානයට බැර කිරීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිළධාරියෙකු අත්අඩංගුවට..! 

මඩකලපුව වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනකුගේ ඝාතනය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව ගත් විට එක් ප්‍රධාන සිදු වීමකි. 

පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සිද්ධ වන්නේ 2018 වසරේ නොවැම්බර් මාසයේ 28 වන දා ය. 

මෙම ඝාතනය සිද්ද කරන ලද්දේ එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ පිරිස් විසින් යැයි බුද්ධි අංශ වාර්තා කර තිබුණි. 

පසුව අනාවරණය වූ පරිදි, වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සිදු කර තිබුණේ සහරාන් ඇතුළු කණ්ඩායම විසිනි. 

නමුත්, වව්නතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සිද්ධ කරන ලද්දේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් බව තහවුරු කිරීමේ දැඩි උවමනාවක් හමුදා බුද්ධි අංශයට තිබුණු බව පෙනී යයි. 

ඒ බව ඔප්පු කිරීම සදහා පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සිද්ධ වූ ස්ථානයට නුදුරු තැනකින් යතුරුපැදි කරුවන් පළදින වර්ගයේ ජැකට්ටුවක් සොයා ගැනීමටත්, එම ජැකට්ටුව එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සම්බන්ධා තිබුණු අයෙකුගේ බව තහවුරු කිරීමටත් බුද්ධි අංශ කටයුතු කර තිබුණි. 

වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා නොදීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණි. 

ඔහු පවසා තිබුණේ, වවුනතිව් පොලිස් නිළධාරීන්ගේ ඝාතනය සම්බන්ධයෙන්, බුද්ධි අංශ, එකිනෙකට වෙනස් කතාන්දර තුනක් ඉදිරිපත් කර තිබුණු බවයි. 

පළමුව, මෙම ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කරන ලද්දක් බව ප්‍රකාශ කරන ලද බුද්ධි අංශය, දෙවනුව එම ඝාතනය පිල්ලෙයාන්ගේ කණ්ඩායම විසින් කරන ලද්දක් බව පවසා තිබුණි. පසුව, මෙම ඝාතනය සම්බන්ධයෙන් අළුත් කතාවක් බුද්ධි අංශ ගොඩ නගා තිබුණි. එම කතාවට අනුව, පොලිස් නිළධාරීන් දෙදෙනා ඝාතනය කර තිබෙන්නේ, ඔවුන්ගෙන් එක් අයෙක-ු සමග අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය කාන්තාවකගේ ස්වාමි පුරුෂයා විසිනි. 

උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වෙමින් සිටින ඉන්දීය බුද්ධි අංශ වඩාත් නිවැරදි බුද්ධි තොරතුරු එක්රැස් කරගනිමින් සිටියදී අපේ බුද්ධි අංශ කවර හෝ හේතුවක් මත කඩා වැටීමක් පෙන්නුම් කර තිබෙන බව පවසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අපගේ බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට තමා අදහස් කරගෙන සිටි බවද පවසා තිබුණි. 

කෙසේ වෙතත්, නව රජය බලයට පත් වීමෙන් පසුව පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශන නව වටයකින් අරඹා තිබෙන අතර, ඒ අනුව, වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු වසං කිරීමට කටයුතු කළ එක් බුද්ධි නිළධාරියෙකු- අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න