Heading
දේශීය
2025-04-10 10:14 am • Views: 350

වසර 35 ක් තිස්සේ වසා දමා තිබූ යාපනයේ මාර්ගයක් මහජනතාවට විවෘත වෙයි.

වසර 35 ක් තිස්සේ වසා  දමා තිබූ යාපනයේ මාර්ගයක් මහජනතාවට විවෘත වෙයි. 

යාපනයේ වාසවිලාන් සිට පොන්නාලෙයි මාර්ගය දක්වා දිවෙන කිලෝ මීටර් 2.5 කින් යුත-ු මාර්ගය වසර තිස් පහකට පසුව මහජනතාව වෙනුවෙන් විවෘත කර තිබෙන බව වාර්තා වේ. 

කෙසේ වෙතත්, මාර්ගය විවෘත කර තිබෙන්නේ කොන්දේසි කිහිපයක් මතයි.

එම කොන්දේසි අනුව, බස් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ යතු-රු පැදි පමණක් මෙම මාර්ගයේ ධාවනය කළ හැකි ය. 

එමෙන්ම මාර්ගය උදෑසන පහේ සිට සවස හය දක්වා පමණක් විවෘතව තැබේ. 

වේගය පැයට කිලෝ මීටර් 40 කි. 

මාර්ගය දෙපස වාහන නවතා තැබීම තහනම් ය. 

මෙම කොන්දේසි පනවා ඇත්තේ පලාලි යුද හමුදා කදවුරට අයත් අධි ආරක්ෂිත කලාපයක මෙම මාර්ගය පිහිටා ඇති බැවිනි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න