අළුත් අවුරුදු කැවිලි මේසයේ වියදම 2024 ට සාපේක්ෂව මේ වසරේ 7%කින් ඉහළට...! අළුත් අවුරුදු කැවිලි මේසයේ මිල 2024 වසරට සාපේක්ෂව මේ වසරේ දී 7%කින් ඉහළ ගොස් තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. මෙම කැවිලි මේසයට ඇතුළත් වන්නේ, කිරිබත් කැට 10 ක්, මුං කැවුම් 15 ක්, කොකිස් 20 ක්, කොණ්ඩ කැවුම් 20 ක්, දොදොල් කිලෝ 01 ක්, බටර් කේක් කිලෝ එකක්, අලුවා කෑලි 15 ක්, ඇඹුල් කෙසෙල් කිලෝ එකකි. මෙම කැවිලි ඇත-ුළත් කැවිලි මේසය වෙනුවෙන් 2024 වසරේ අප්‍රේල් මාසයේ දී රුපියල් 5,069 ක් වැය වී තිබෙන අතර, 2024 වසරේ දී එය 5,414 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම කැවිලි මේසයට ඇතු-ළත් කැවිලි අතරෙන් වැඩිම මිල ඉහළ යාමක් සිදුව ඇත්තේ කිරිබත් සදහා ය. කිරිබත් කැබලි 10 ක් සදහා 2024 වසරේ දී වැය වී ඇත්තේ රුපියල් 165 කි. එය 2025 වසරේ දී රුපියල් 258 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසෙල්, අලුවා සහ බටර් කේක් සදහා යන වියදම, පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ අප්‍රේල් මාසයේ දී පහත වැටී තිබේ. මුං කැවුම්, කැවුම්, කොකිස්, දොදොල් මිල පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඉහළ ගොස් තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|