Heading
දේශීය
2025-04-23 7:30 am • Views: 538

පාස්කු ප්‍රහාරය; ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට ශානි අබේසේකරත් ඇතුළත් කරයි.

පාස්කු ප්‍රහාරය; ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට ශානි අබේසේකරත් ඇතුළත් කරයි. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් අතර, එම වාර්තාව අධ්‍යයනය කිරීම සදහා පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදී. 

මෙම කමිටුවට සාමාජිකයන් සිව් දෙනෙකු ඇතුළත් වූ අතර, ශානි අබේසේකර මහතා ගේ නම ඒ අතර නොතිබීම යම්කිසි ආන්දෝලනයක් ඇති කළේ ය. 

කෙසේ වෙතත්, මේ වන විට, පොලිස්පතිවරයා විසින් ශානි අබේසේකර මහතාවද එකී කමිටුවට පත්කර තිබෙන බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න