Heading
දේශීය
2025-04-27 8:06 am • Views: 111

GSP + පිළිබඳව සාකච්ඡා කිරීමට යුරෝපා සංගම් නියෝජිතයෝ හෙට එති.

GSP + පිළිබඳව සාකච්ඡා කිරීමට යුරෝපා සංගම් නියෝජිතයෝ හෙට එති. 

GSP + බදු සහනය පිළිබදව සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගම් දූත පිරිසක් හෙට දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත ය. 

GSP + බදු සහනය යටතේ යුරෝපා සංගමයේ රටවලට අපනයනය කිරීමට අවසර ලැබී තිබෙන කෝටාව ඉහළ දමා ගැනීමට මෙම සාකච්ඡාවෙන් පසුව හැකිවෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

ඒ හරහා මෑතක දී මෙරට අපනයන මත එක්සත් ජනපදය විසින් පැනවූ ඉහළ තීරු බදු අනුපාත මගින් ඇති වීමට නියමිත බලපෑම අවම කර ගැනීම රජයේ බලාපොරොත්තුව වී තිබේ. 

යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලම අපනයන වෙළද පොළයි. 

පසුගිය වසරේ දී යුරෝ බිලියන 2.7 ක වටිනාකමකින් යුතු භාණ්ඩ ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට අපනයනය කර තිබේ. 

මෙම අපනයනවලින් 85%කට ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමි වේ. 

බදු සහනය පිළිබදව සාකච්ඡා කිරීමට හෙට දිවයිනට පැමිණෙන යුරෝපා සංගම් දූත පිරිස මැයි හත් වන දා දක්වා මෙරටෙහි රැදී සිටීමට නියමිත ය. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න