Heading
දේශීය
2025-06-03 8:55 am • Views: 699

“දයාසිරි කියන්නේ බොරු..! බී.එම්.ඩබ් රථය විකුණා තිබෙන්නේ ලක්ෂ 50 කට නොවේ, ලක්ෂ 218 කට.” උතුරුමැද පළාත් ආණ්ඩුකාර.

“දයාසිරි කියන්නේ බොරු..! බී.එම්.ඩබ් රථය විකුණා තිබෙන්නේ ලක්ෂ 50 කට නොවේ, ලක්ෂ 218 කට.” උතුරුමැද පළාත් ආණ්ඩුකාර. 

උතුරු මැද පළාත් සභාව, භාවිතයෙන් ඉවත් කිරීම සදහා නිර්දේශ කරමින් බී.එම්.ඩබ් සහ ප්‍රාඩෝ රථද ඇතුළත්ව සුඛෝපභෝගී වාහන 24 ක් කුණු කොල්ලයට විකුණා ඇතැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගිය දා ප්‍රකාශ කළේ ය. 

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියෙ, 2014 වසරේ ලියාපදිංචි කරන ලද බී.එම්.ඩබ් මෝටර් රථයක් ලක්ෂ පනහක මිලකට විකුණා දමා ඇති බවයි. ඔහු පවසන ආකාරයට එම බී.එම්.ඩබ්. මෝටර් රථයේ වෙළදපොළ වටිනාකම රුපියල් කෝටි තුන හමාරද ඉක්මවා යයි.

 කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ මෙම චෝදනා උතුරු මැද පළාත් ආණ්ඩුකාර, වසන්ත ජිනදාස මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. එමෙන්ම ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පවසයි. 

උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා පවසන ආකාරයට, මෙම වාහන අලෙවි කිරීමට ප්‍රථම පුවත්පත් තුනක විවෘත ටෙන්ඩර් කැදවීමක් සිදු කර තිබේ. එමෙන්ම, ටෙන්ඩර් කැදවීමට පෙර, රජයේ තක්සේරුවාර්තාවක්ද අදාල වාහන සම්බන්ධයෙන් ලබා ගත්බවද ආණ්ඩුකාරවරයා පවසයි. 

මෙහිදී, ලක්ෂ පනහකට අලෙවි කර තිබෙන බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා චෝදනා කරන බීඑම්ඩබ් රථය සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයා විශේෂයෙන් අදහස් දක්වන ලදී. 

ඔහු පවසන ආකාරයට, අදාල බීඑම්ඩබ් රථය බොහෝකාලයක් පළාත් සභාවෙන් අතුරුදන්ව අතුරදන්ව තිබී, නව රජයට බලයට පත්වීමෙන් පසුව හොර රහසේ එහි ගෙනැවිත් දමා ගොස් තිබෙන රථයකි. එය භාවිතා කළ පාර්ශ්වයන් අවශ්‍ය නිසි නඩත්තුවෙන් තොරව වාහනය භාවිතා කර තිබූ බැවින් එය අබලන් තත්වයේ පැවති බවද ආණ්ඩුකාරවරයා පවසයි. 

මෙම බී.එම්.ඩබ්. රථය සදහා රජයේ තක්සේරු වටිනාකම වී තිබුණේ රුපියල් ලක්ෂ ලක්ෂ 198 කි. 

නමුත් ටෙන්ඩර් කැදවීමෙන් පසුව එය විකුණා තිබෙන්නේ රුපියල් ලක්ෂ 218 ක මිලකටයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න