Heading
දේශීය
2024-08-10 6:08 am

“වතුසේවක වැටුප් වැඩිකිරීම සදහා අවශ්‍යනම් අළුත් නීති වුවත් ගෙන ඒමට සූදානම්..!” ජනාධිපති රනිල්.

“වතුසේවක වැටුප් වැඩිකිරීම සදහා අවශ්‍යනම් අළුත් නීති වුවත් ගෙන ඒමට සූදානම්..!” ජනාධිපති රනිල්. 

වතුකරේ ජනතාවට පඩි වැඩි කිරීම සදහා අවශ්‍යනම් විශේෂ නීති වුවත් ගෙන ඒමට තමන් සූදානම් යැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම වාගේ වැටුප් වැඩි කිරීම් සිද්ධ කළ ද තමන්ට මේ දක්වා වතු සේවක වැටුප් ඉහළ දැමීමට නොහැකි වූ බව පවසන ජනාධිපතිවරයා, ගොවි තැනට හොඳ මිලක් ලැබීම හේතුවෙන් ගොවියන්ගේ පවා ජීවන තත්ත්වය මේ කෙටි කාලය තුළ උසස් වූ බව ද පවසයි. 

මේ වන විටත් වතු සමාගම් හතක් වත-ු සේවක වැටුප් ඉහළ දැමීමට එකඟ වී ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කරයි. 

මෙම විෂය අයත්ව තිබුණු අමාත්‍යවරයා වන මනූෂ නානායක්කාර ඉවත්ව ගොස් ඇති බැවින්, දැනට එම අමාත්‍ය ධූරයේ වගකීම දරන්නේ තමන් බව ජනාධිපතිවරයා පවසයි. 

ඒ අනුව, එළැඹෙන සදුදා දිනයේ දී පඩි පාලක සභාව සමඟ හමුවක් පැවැත්වෙන බව පවසන ජනාධිපතිවරයා, එම සාකච්ඡාවෙන් පසුව, වතු සේවක වැටුප් ඉහළ නැංවීම සදහා අවශ්‍ය වුවහොත් නව නීති සම්පාදනය කිරීමට වුව තමන් සූදානම් බව පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න