Heading
දේශීය
2024-08-13 8:29 am

සහෝදර ශිෂ්‍යයන් 22 ක් අතින් අපයෝජනයට ලක් වූ 16 වියැති ශිෂ්‍යාව.

සහෝදර ශිෂ්‍යයන් 22 ක් අතින් අපයෝජනයට ලක් වූ 16 වියැති ශිෂ්‍යාව.


දාසය වියැති පාසල් ශිෂ්‍යාවක දූෂණයට ලක් කළ පාසල් සිසුන් විසි දෙදෙනාගෙන් දා හත් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය කටයුතු කර තිබේ. 

සිසුන් දා හත් දෙනාට අමතරව, දැරිය දූෂණය කිරීමට අනුබල දුන් බව කියන එක් ශිෂ්‍යයෙකුගේ මවක් ද පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු නියෝග කර තිබේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන තණමල්විල පොලිසිය, අදාල පාසලේ විදුහල්පති සහ විනය භාර ගුරු මණ්ඩලය ද ප්‍රශ්න කිරීමට ලක් කර ඇති අතර, ඔවුට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. 

විශේෂයෙන්ම, දැරිය අපයෝජනයට ලක් කළ සිදු වීම පිළිබදව දැන දැනත් එය සැගවීමට ඔවුන් කටයුතු කර තිබෙන බව පැවසේ. 

මීට අමතරව, අපයෝජනයට ලක් වූ දාසය වියැති දැරිය පරීක්ෂාවට ලක් කල හම්බන්තොට මහරෝහලේ වෛද්‍යවරයා ද දැරියට නොමනා ලෙස සලකා ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැරියගේ මව හම්බන්තොට පොලිසියට සහ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න