Heading
දේශපාලන
2024-09-01 9:05 am

“දෙමළ ජනතාවගේ ඡන්ද අපතේ යවන්න එපා" අජිත් දොවාල් උතුරු නැගෙනහිර මහජන නියෝගිතයන්ට කියයි.

“දෙමළ ජනතාවගේ ඡන්ද අපතේ යවන්න එපා. ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකුට සහාය දෙන්න..!” අජිත් දොවාල් උතුරු නැගෙනහිර  මහජන නියෝගිතයන්ට කියයි. 


දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටි, ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ ජාතික දේශපාලන පක්ෂ නායකයන් මුණ ගැසී තිබේ. 

මෙම හමුව සදහා, ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් සහ එස්. ශ්‍රීධරන්, ටෙලෝ සංවිධානයේ සෙල්වම් අඩෙයිකලනාදන්, ප්ලොට් සංවිධානයේ ඩී.සිද්ධාර්ථන් සහ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ එස්.කජේන්ද්‍රන් යන අය සහභාගී වී තිබුණි. 

ඉදිරි ජනාධිපතිවරණයේ දී ද්‍රවිඩ ජනතාව ඡන්දය වර්ජනය කළ යුතු බවට වූ මතයක් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, යම් කිසි අපේක්ෂකයෙකු ෆෙඩරල් ව්‍යහුයක් තුළ බලය බෙදා හැරීමට අදාලව යෝජනා ඉදිරිපත් කරන්නේ නම්, එම අපේක්ෂකයාට සහාය දක්වන බව එම පක්ෂය පවසයි. 

ඊට අමතරව, ටීයුඑල්එෆ් සංවිධානය, ජනාධිපතිවරණය සදහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබේ. 

මේ සියළු කරුණු පිළිබදව, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සමග පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙන අතර, අජිත් දොවාල් මහතා පවසා ඇත්තේ, දෙමළ ජතාවගේ ඡන්ද අපතේ නොයවා, ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකුට සහාය දැක්වීමට කටයුතු කරන ලෙසයි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න