Heading
දේශපාලන
2024-09-04 9:30 am

"ජනාධිපතිවරණයට සති තුනයි..! අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට උපරිම පියවර ගත යුතුයි...!" එස්.ටී.එෆ්. හිටපු ප්‍රධානී නිමල් ලෙව්කේ.

"ජනාධිපතිවරණයට සති තුනයි..! අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට උපරිම පියවර ගත යුතුයි...!"  එස්.ටී.එෆ්. හිටපු ප්‍රධානී නිමල් ලෙව්කේ. 

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ සති ත-ුනක කාලයක් බවත්, එම කාලය තුළ කිසිදු අයහපත් ක්‍රියාවක් සිද්ධ නොවීමට ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ශ්වයන් දැඩි පියවර ගත යුතුව ඇති බව, විශේෂ කාර්ය සාධක බලකායේ හිටපු ප්‍රධානී නිමල් ලෙව්කේ මහතා පවසා තිබේ. 

ඔහු මේ බව පවසා ඇත්තේ අද වෙළද පොලට නිකුත්ව තිබෙන ද අයිලන්ඩ් පුවත්පත සමගයි. 

ඇමරිකානු ජනාධිපතිවරණ සටන අතර තුර, පෙන්සෙල්වේනියාවේ, බට්ලර් හී දී, රිපබ්ලිකන් අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරගෙන එල්ල වූ වෙඩි ප්‍රහාරය පිළිබදව විශේෂ සිහිකැදවීමක් කරමින්, නිමල් ලෙව්කේ මහතා පවසා ඇත්තේ, දේශපාලනඥයන් සහ හමුදා නිළධාරීන් ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන සෑම පාර්ශ්වයක්ම දැඩි අවධානයකින් සිටිය යුතු බවයි. 

මැතිවරණ ආසන්නයේ මීට පෙරද මෙරට ප්‍රධාන පෙලේ දේශපාලනඥයන් ඝාතනය කළ  අවස්ථා උදා වී තිබේ. නිමල් ලෙව්කේ මහතා ඒ පිළිබදවද යළි මතක් කර සිටියි. 

ලංකාව තිස් වසරක යුද්ධයකට මුහුණ දී සිටි රටක් බවත්, මෑතක දී ජනාධිපතිවරයෙකු නෙරපා දැමූ අරගලයක් රට තුළ දියත් වූ බවත් සිහි කැදවන නිමල් ලෙව්කේ මහතා, ලංකාව, ආයුද, උණ්ඩ සහ පුපුරන ද්‍රව්‍ය සුළබව සොයාගත හැකි රටක් බවද පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න