Heading
දේශපාලන
2024-09-05 8:45 am

“රැඩිකල් වෙනසක් ඉල්ලා සටන් කළ බව අමතක කරන්න එපා..!” - හිටපු ජනාධිපතිනිය ජනතාවගෙන් ඉල්ලයි.

“රැඩිකල් වෙනසක් ඉල්ලා සටන් කළ බව අමතක කරන්න එපා..!” - හිටපු ජනාධිපතිනිය ජනතාවගෙන් ඉල්ලයි. 


එළැඹෙන ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය පවසයි. 

රට, මින් පෙර කිසි කලෙක නොවූ ආකාරයේ අවිනිශ්චිත සහ අභියෝගාත්මක ඉරණමකට රට මුහුණ දී තිබෙන බව පවසන හිටපු ජනාධිපතිනිය, සියළු ඡන්ද දායකයන් ඒ පිළිබදව බැරෑරුම් ලෙස සිතිය යුතුව ඇති බවද අවධාරණය කරයි. 

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන ඔවුන්ගේ  වැඩ පිළිවෙළ පිළිබද ව අවධානය යොමු කරන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින හිටපු ජනාධිපතිනිය, එම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීම සදහා එකී අපේක්ෂකයන්ට සැබෑ ලෙසම හැකියාව තිබේද යන්න සොයා බලන ලෙසද ජනතාවගෙන් ඉල්ලයි. 

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් විධායකය ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්,  අධ්‍යාපන, සෞඛ්‍යය, කෘෂිකර්මය, කර්මාන්ත, ව්‍යවසායන් සහ ජාත්‍යන්තර වෙළදාම ප්‍රවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවටත් අවධාරණය කරයි. 

රැඩිකල් වෙනසක් ඉල්ලා මීට වසර දෙකකට පෙර ආරම්භ කළ මහජන ව්‍යාපාරය අමතක නොකළ යුතු බවද ඈ ඡන්ද දායකයන්ට සිහිපත් කරයි.  

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න