Heading
දේශීය
2024-11-13 6:53 am • Views: 121

සොයාගත් සුඛෝපභෝගී වාහන දෙකම නීති විරෝධීව එකලස් කරන ලද ඒවා...! ඒවා රෝහිතගේ බෑණාගේම නෙවෙයි. බෑණා ගේ සහෝදරයාගේ..!

සොයාගත් සුඛෝපභෝගී වාහන දෙකම නීති විරෝධීව එකලස් කරන ලද ඒවා...! ඒවා රෝහිතගේ බෑණාගේම නෙවෙයි. බෑණා ගේ සහෝදරයාගේ..!

මහනුවර ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගනු ලැබූ රුපියල් කෝටි හයයකට වඩා වැඩි වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථ දෙකම නීතිවිරෝධීව එකලස් කරන ලද ඒවා බව රජයේ රස පරීක්ෂක විසින් තහවුරු කර තිබෙන බව වාර්තා වේ. 

මෙම මෝටර් රථය සොයාගනු ලැබූවේ, හිටපු වරාය අමාත්‍යවරයා වන රෝහිත අබේගුණවර්ධන ගේ බෑණාගේ නිවසින් බව වාර්තා විය. 

ආන්දෝලනාත්මක පුවත වාර්තා වීමෙන් පසුව මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි රෝහිත අබේගුණවර්ධන පවසා සිටියේ, එම මෝටර් රථය තමන්ගේ බෑණාට අයත් බව තහවුරුවුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවයි. 

කෙසේ වෙතත්, දැනට වාර්තා වී ඇති තොරත-ුරු අනුව, එම සුඛෝපභෝගී මෝටර් රථ දෙකේ හිමිකරුවා වන්නේ, රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගේ දියණියක හා විවාහ වී සිටින තැනැත්තාගේ සහෝදරයෙකි. 

මෙම වාහන දෙකෙන් එකක් බී.එම්.ඩබ් වර්ගයේ මෝටර් රථයකි. අනෙක, මිට්සුබිෂී වර්ගයට අයත් ජීප් රථයකි. ජීප් රථයේ චැසි අංකය සූරා ඇති බව තහවුරු වී ඇති අතර, එය රජයට අයත් ජීප් රථයක්ද යන්න පිළිබදව සොයා බැලීම සදහා විමර්ශන අරඹා තිබේ.  


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න